අම්/ කාවන්තිස්ස මහා විද්‍යාලය වන අප පාසල විධිමත් විෂය මාලාව ඉතා නිසි පරිදි උදේ කාලයේ ක්‍රියාත්මක කරනු ලබයි. මීට අමතරව අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය ධාරාවෙන් විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් සපයනු වස් ඉතා සුවිශේෂී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලබයි. ඉන් ප්‍රධාන වැඩසටහනක් වන්නේ රාත්‍රී 6.30 ට රාත්‍රී 9 30 දක්වා ක්‍රියාත්මක කරනු ලබන ශිල්ප සහන පාඩම් කිරීමේ වැඩසටහනයි.
. මෙය පසුගිය වසරේ විදුලි කප්පාදුවට පිලියමක් ලෙස යෝජනා වූ වැඩ සටහනක් වන අතර පසුගිය වසරේ සිට ඉතා සාර්ථකව මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී.
https://youtu.be/UMVURsKCqG4?si=En6iGFt6bN0XAYQ4
ඉහත සඳහන්ව ඇත්තේ අප පාසලේ පවත්වන ශිල්ප සහන වැඩසටහනේ කෙටි වීඩියෝවකි.