සේනානායක සමුද්‍ර ජලාශයෙන් පෝෂණය වන අතීතයේ සුර පුරක් බදු වූ දිගාමඩුල්ල පුරවරයේ දරුවන්ට සිප් සතර ලබා දීම අරමුණ පෙරදැරි කරගෙන වර්ෂ 1952ක් වූ අගෝස්තු මස 01 වන දින මඩ/අම්/සිංහල දෙමළ මිශ්‍ර පාසල නමින් කුඩා තහඩු සමුවක මෙම පාසල ආරම්භ විය.මාස 1 ½ ක් වැනි කෙටි කාලයක් තුළ දී ශිෂ්‍ය සංඛ්‍යාව 73ක් ද ගුරුවරුන් 03ක් ද දක්වා වර්ධනය වූහ.1953 වර්ෂය වන විට මෙම පාසලේ 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවතුනි.
වර්ෂ 1958ක් වූ ජනවාරි මස 05 වන දින මෙම පාසල වර්තමානයේ පාසල පිහිටි ස්ථානයේ නව ගොඩනැගිල්ලකට ගෙන යන ලදි. දියුණුවේ දොරටුව කරා පියනැගූ මෙම පාසල 1954 වන විට අ.පො.ස. (සා. පෙළ)දක්වා පන්ති ආරම්භ කරන ලදි.
1954 වසරේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 419 ද ගුරුවරුන් 15ක් වූ අතර පාසල දෙවරුවක් ලවත් වන ලදි.1969දී ස්ථිර ගොඩනැගිලි 3කටත් තාවකාලික වැසිකිළි කිහිපයකටත් අක්කර 04කින් යුත් පාසල් ඉඩමකටත් හිමිකම් කී මෙම පාසල පවත්වාගෙන යන දෙමළ අංශය වෙනත් ස්ථානයනට ගෙන යන ලදි.
1981 වර්ෂයේ නොවැම්බර් මස 11 වන දින මෙතෙක් පැවති මඩ/අම්/සිංහල දෙමළ මිශ්‍ර පාසල යන නාමය වෙනුවට අම්/කාවන්තිස්ස විද්‍යාලය නමින් ප්‍රචලිත කරන ලදි.
වර්තමානයේ ශිෂ්‍ය සංඛ්‍යාව 2000කට ආසන්න වන අතර ගුරු මණ්ඩලය 80කට ආසන්නය. විවිධ අංශ කෙරෙහි දක්ෂතා හොබවන සිසු දරුවන් සිටින මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවට සරිලන ගොනැගිලි පහසුකම් හා අනෙකුත් භෞතික සම්පත් අවශ්‍යතා නොමැතිකම නිසා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ගුරුවරු හා ශිෂ්‍යෙයා් අපහසුතාවලට මුහුණ පාති.
ආරම්භයේ සිට මේ දක්වා සංවර්ධනය පිළිබඳ අධ්‍යනය කරන විට පාසල තුළ අධ්‍යාපන කටයුතු, සන්නිවේ දන ඒකකය තූර්යවාදක බාලදක්ෂ බාලදක්ෂිකා ක්‍රීඩා පරිසර භට කණ්ඩායම් සෞඛ්‍ය ප්‍රවර්ධන සැලැස්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුව වැනි විෂය සමගාමී කටයුතු සාර්ථක මට්ටමක පවතින බව සිහිපත් කළ යුතුය.
නගර මධ්‍යස්ථයේ පිහිටි ප්‍රධාන පාසලක් වන අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රථිඵල වසරක් පාසා උසස් මට්ටමක පවත්වා ගෙන යාම පාදක කරගෙන ප්‍රාථමික අංශයට ළමුන් ඇතුළත් තිරීමට ඇති දෙමාපිය අවධානය අද වන විට වර්ධනීය මට්ටමක පවතී.
මීට අමතරව පාසල් සංවර්ධන කමිටුව පාසල් කලමනාකරණ කමිටුව ආදි ශිෂ්‍ය සංගමය පාසල් අභිවෘධිය වෙනුවෙන් ඉතාමත් කැප වීමෙන් කටයුතු කරන බව අවධාරනය කළ යුතුය. ආචාර්ය මණ්ඩලයේ ඉගැන්වීම් ක්‍රියාවලිය පාසල් පරිපාලනය හා කලමණාකරණය උසස් මටටමක පවතින බව සිහිපත් කළ යුතුය.
|
ආරම්භ කළ වර්ෂය |
1952.08.01 |
|
පාසලේ නම |
අම්/කාවන්තිස්ස මහා විද්‍යාලය |
|
ලිපිනය |
අම්/කාවක්තිස්ස මහා විදුහල, දීඝගාමිණී මාවත,අම්පාර |
|
පාසල් සංඝණක අංකය |
15070 |
|
පාසල් විභාග අංකය |
02056 |
|
පළාත් සභාවේ අංකය |
1601003 |
|
පාසල අයත් පළාත |
නැගෙනහිර |
|
පාසල අයත් දිස්ත්‍රික්කය |
අම්පාර |
|
පාසල අයත් කොට්ඨාසය |
අම්පාර |
|
පාසලේ භූමි ප්‍රමාණය |
අක්කර 10 |
|
පාසල අයත් ග්‍රාම සේවා වසම |
ඉන්ද්‍රසාරපුර |
|
පාසල අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
අම්පාර |
|
පාසල අයත් පොලිස් බල ප්‍රදේශය |
අම්පාර |